උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
2023-12-21 15:03:08
Share with:

එළැඹෙන උත්සව සමය සඳහා පොලීසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ වන විටත් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යොදවා ඇත.

එමෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් හෙට (22) සිට විශේෂ බස් සහ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් එම විශේෂ බස් හා දුම්රිය සේවාව ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම