විදේශ සංචිත පිළිබඳ සාධනීය අපේක්ෂාවක්
2023-12-21 15:10:56
Share with:


මෙම වසර අවසන් වන විට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එය මේ වසරේ බලපොරොත්තු වූ අගයට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි.

කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රජයට ගලා ඒමත් සමග දළ සංචිත ශක්තිමත් වී තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 787ක විදේශ විනිමයක් රජයට ලැබී ඇති බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ද ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද දෙසැම්බර් මාසය තුළ දී රජයට ලැබී තිබේ. මෙමඟින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම