පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ නවතම කෙටුම්පත් යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම යළිත් කල් යයි
2023-12-21 10:47:51
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමරිකාවේ ඉල්ලීම මත, පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ නවතම කෙටුම්පත් යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම යළි වරක් කල් දමයි.

මෙම නවතම කෙටුම්පත යෝජනාව මගින්, ගාසා තීරයට ආරක්ෂිත සහ බාධාවකින් තොරව මානුෂීය සැපයුම් ප්‍රවේශයට ඉඩ සැලසීම සඳහා, එදිරිවාදිකම් වහා අත්හිටුවන ලෙස ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් මානුෂීය සහන සැපයුම් නිරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස‍ට ද ඉන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, "එදිරිවාදිකම් අත්හිටුවීමේ" අන්තර්ගතය සම්බන්ධයෙන් ඇමරිකාව තවදුරටත් විවිධ මතවල එල්බ සිටී.

ඒ හේතුවෙන් කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීම පවත්වන දිනය පිළිබඳව ආරක්ෂක මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම