ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර වැඩි කරන්නැයි චීනය ඉල්ලයි
2023-12-21 11:11:56
Share with:

ඇෆ්ගනිස්ථානයට ලබාදෙන මානුෂීය ආධාර වැඩි කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊයේ (20) ආරක්ෂක මණ්ඩලයේ දී මේ බව පැවසීය. වත්මන් ඇෆ්ගනිස්ථාන බලධාරීන්ගේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමට ඉහළ සහායක් ලබාදෙන ලෙස ද ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය. රටේ කාන්තා අයිතිවාසිකම් සහතික කරන ලෙස ද Geng Shuang මහතා එහිදී ඇෆ්ගනිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ මිලියන 3 කට අධික දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙති. ශීත ඍතුව උදාවීමත් සමඟ එරට පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වනු ඇත. එහෙත්, ජනතාව දේශපාලන ප්‍රශ්නයේ ගොදුරු බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු බව Geng Shuang මහතා පෙන්වා දුන්නේය. මානුෂීය ආධාර පමණක් නොව, සියලුම පාර්ශ්වයන් එරටට ලබාදෙන සංවර්ධන ආධාර වැඩි කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. ඇෆ්ගනිස්ථාන බැංකු පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හා කලාපීය ආර්ථික සහ වෙළඳ සහයෝගිතාවය තහවුරු කිරීමට සහාය දෙන ලෙස ද චීන නියෝජිතයා ඉල්ලා සිටියේය. අත්හිටවූ විදේශීය වත්කම් හැකි ඉක්මණින් යළි එරට ජනතාවට ලබා දිය යුතු බව ද Geng Shuang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම