චීන හා රුසියානු හමුදා අතර සබඳතා තවදුරටත් වර්ධනය කෙරේ
2023-12-21 11:20:41
Share with:

චීන හමුදාව හා රුසියා හමුදාව අතර 22වැනි උපාය මාර්ගික සාකච්ඡාව ඊයේ(20) බෙයිජිංහිදී පැවැත්විණ. ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂක තත්ත්වය දෙරටේ හමුදා සබඳතාව ඇතුළු කාර්යයන් පිළිබඳව දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගත්හ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා එළඹ ඇති වැදගත් එකඟතාවන් ඒකාබද්ධව ක්‍රියාවට නංවමින් හමුදා උපාය මාර්ගික සහයෝගිතා මට්ටම තවදුරටත් දියුණු කිරීමට දෙපාර්ශ්වය විසින් පියවර ගනු ඇත. කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නව දායකත්වයන් දරන බව දෙපාර්ශ්වය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම