‘Xi Jinping: The Governance of China’ හි පළමුවැනි වෙළුමේ බෙලරුසියානු භාෂා සංස්කරණය නිකුත් වේ
2023-12-21 19:22:11
Share with:

‘Xi Jinping: The Governance of China’ හෙවත් ‘ෂී ජින්පිං ගේ චීන රාජ්‍ය පාලනය’ නමැති ග්‍රන්ථයේ පළමුවැනි වෙළුමේ බෙලරුසියානු භාෂා සංස්කරණය නිකුත් කෙරේ. එම උත්සවය හා චීන-බෙලරුසියා රාජ්‍ය පාලනය පිළිබඳ සම්මන්ත්‍රණය බෙලරුසියාවේ Minsk අගනුවරදී පසුගිය දා පැවැත්විණ.

ඊට සහභාගී ව සිටි විද්වතුන් පැවසුවේ එම ග්‍රන්ථය නව යුගය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ප්‍රත්‍යක්ෂ කිරීමට හා චීන ජාතියේ නූතන ශිෂ්ටාචාරය ගැන අවබෝධ කරගැනීමට විශාල පිටුබලයක් වන බවයි. එම ග්‍රන්ථය ඔස්සේ චීන මාදිලියේ නවීකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රශස්ත අවස්ථාවක් හිමි වෙයි. රාජ්‍ය පාලනය තුළින් චීනය හිමි කරගත් සාර්ථකත්වය බෙලරුසියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා වැදගත් වන බව ද ඔවුහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම