‘ෂින්ජියං හි මානව හිමිකම් නීත්‍යනුකූලභාවය සහතික කිරීම පිළිබඳ නිල පත්‍රිකාව’ නිකුත් කෙරේ
2023-12-21 11:50:34
Share with:

 

‘ෂින්ජියං හි මානව හිමිකම් නීත්‍යනුකූලභාවය සහතික කිරීම පිළිබඳ නිල පත්‍රිකාව’ නිකුත් කෙරේ. ඒ,  චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උරුමුචි අගනගරයේ ඊයේ (20) පැවති ‘චීන මාදිලියේ නවීකරණය තුළ ෂින්ජියංහි මානව හිමිකම් ව්‍යායාමයේ ඉහළ ගුණාත්මක සංවර්ධනය’ මැයෙන් යුතු සාකච්ඡාවේ දීය.

එම නිල පත්‍රිකාවට අනුව ගෙවී ගිය දශකය තුළ ෂින්ජියංහි ප්‍රාදේශීය දළදේශීය නිෂ්පාදිත වටිනාකම 2013 වසරේ යුවාන් ට්‍රිලියන 0.84 සිට 2022 වසරේ යුවාන් ‍ට්‍රිලියන 1.77 දක්වා වැඩි වී තිබේ.  එම කාලය තුළ ජනතාවගේ වැයශේෂ ආදායම යුවාන් 13700 ක සිට යුවාන් 27 දහසක් දක්වා වර්ධනය වී තිබීම ද කැපීපෙනේ.

මේ අතර ෂින්ජියංහි සංචාරක පැමිණීම් වාර ගණන, 2012 වසරේ හාරකෝටි අසූ හය ලක්ෂයක සිට මෙම වසරේ කෝටි 26 ක් දක්වා වැඩිවී නව වාර්තාවක් ද පිහිටුවා ඇත.

ෂින්ජියං හි මානව හිමිකම් ව්‍යායාමය ලද එවන් අංගසම්පූර්ණ  හා ඓතිහාසික ප්‍රගතීන් චීනයේ මානව හිමිකම් සංවර්ධන ආකල්පයේ ප්‍රශස්ත වර්ධනය මැනැවින් පිළිබිඹු කර ඇතැයි ද  එම නිල පත්‍රිකාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම