චීන-පිලිපීන සබඳතාවේ අනාගතය තීරණය කරනුයේ පිලිපීන හැසිරීමයි
2023-12-21 22:46:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඇරයුමකට අනුව, ඊයේ(20) පිලිපීන විදේශ අමාත්‍ය Enrique Manalo මහතා සමග දුරකථන සංවාදයක නිරත විය. දකුණු චීන මුහුදේ ගැටළුව හේතුවෙන් අකර්මණ්‍ය වූ දෙරටේ සබඳතාව හමුවේ මෙම දුරකථන සංවාදයට ජගත් ප්‍රජාවේ වැඩි අවධානයක් යොමු වී ඇත.

චීන-පිලිපීන සබඳතාව ගැටලුසහගත වීමේ හේතු  පිළිබඳ මෙම දුරකථන සංවාදයේ දී සාකච්ඡා කෙරිණ. එහිදී චීන විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ පිලිපීනය පෙර සිට පැවති ප්‍රතිපත්තිය වෙනස් කිරීම ඊට හේතු වූ බවයි. පිලිපීනය සිය පොරොන්දු බිඳ දැමූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

Ren’ai ගල්පර සිද්ධිය පිළිබඳ විමසා බැලීමේ දී එය චීනයට අයත් කොටසක් බව ජගත් ප්‍රජාවේ පොදු මතයයි. 1999 වසරේ, පිලිපීනයේ යුද නෞකාවක් නීතිවිරෝධීව Ren’ai ගල්පරයෙහි නැංගුරම් ලා තිබේ. මෙය චීනයේ ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. පිලිපීනය මීට පෙර දැඩිව පොරොන්දු වූයේ මෙම යුධ නෞකාව Ren’ai ගල්පරයෙන් ඉවත් කර ගන්නා බවයි.

කෙසේවෙතත් මෙම වසරේ සිට, පිලිපීනය සිය නෞකා වරින් වර  අත්තනෝමතික ව Ren’ai ගල්පර ප්‍රදේශයට යොමු කර එහි නැංගුරම් ලා ඇති නෞකාව වෙත නඩත්තු සැපයුම් ද්‍රව්‍ය යොමු කර ඇත. Ren’ai ගල්පර අත්පත් කරගැනීම එරට පිළිකුළ් සහගත අරමුණයි.

පිලිපීනයේ මෙවන් ක්‍රියාවන් පසුපස ඇති හේතු විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. ගාම්භීර ආකල්පය මගින් සිය අනුග්‍රාහී ප්‍රතිශතය තහවුරු කිරීම පිලිපීනයේ නායකයන් ගේ අපේක්ෂාවකි. ඇමරිකාව හා පිලිපීනය ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළු විවිධ සහයෝගිතා ඇති කර ගැනීමත් සමග, පිලිපීනයේ වි‍දේශ ප්‍රතිපත්තිය ඇමරිකාවට නැඹුරු වී තිබෙන බව වඩාත්  පැහැදිලිව දැක ගත හැකිය. පිලිපීනය ඇමරිකාවේ සහය යොදා ගනිමින් ඊනියා ‘ඉන්දීය ශාන්තිකර උපායමාර්ගය’ තහවුරු කර ඒ ඔස්සේ චීනයට පීඩා එල්ල කිරීමට සූදානම් වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීන-පිලිපීන විදේශ අමාත්‍යවරු නිරත වූ එම දුරකථන සංවාදයේ දී චීන විදේශ අමාත්‍ය වං යී මහතා අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ පිලිපීනය අත්තනෝමතික ව පවතින ගැටළු තවදුරටත් තීව්‍ර කරන්නේ නම් චීනය, ඊට තරයේ ම ප්‍රතිචාරයක් දක්වන බවයි.

පිලිපීනය සමග සංවාද පැවැත්වීම නතර කිරීමට චීනය අපේක්ෂා නොකරයි. දෙරටේ සබඳතාවයේ අනාගතය කුමන ආකාරයෙන් පැවතිය යුතු ද යන්න තීරණය කරනු ලබන්නේ පිලිපීනයේ ක්‍රියාකලාපයන් විසින්ම ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම