ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපායමාර්ගික ක්‍රියාවලියක් අවශ්‍ය බව ජනපති පවසයි
2023-12-21 14:50:02
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපායමාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන් විට ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ කොළඹ දී ඊයේ (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි.

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අවබෝධ කර ගත යුතුයි. ඒ අනුව වර්තමාන රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගෙන ඇති බවත් ඉන් ඔබ්බට ඇති අවස්ථා ගවේෂණය කරමින් යුරෝපීය සංගමය සමග ද වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම