චීන-ශ්‍රී ලංකා ජල මධ්‍යස්ථානය පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබේ
2023-12-20 19:06:03
Share with:

චීන විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා ජල සැපයුම් අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය 18වැනිදා කොළඹදී එම ගිවිසුමට අත්සන් තැබූහ. එම ත්‍රෛපාර්ශ්වික කළමනාකරණ ගිවිසුම අත්සන් තැබීමෙන්, චීන-ශ්‍රී ලංකා ජල තාක්ෂණික පර්යේෂණ හා ආදර්ශනය සඳහා ඒකාබද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම අවසන් වීම සංකේතවත් කෙරේ.

එම ගිවිසුමට අනුව, චීන විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා ජල සැපයුම් අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව විද්‍යා පර්යේෂණ සහ පුහුණු ශිල්පීන් බිහි කිරීම යනාදී ක්‍රියාකාරකම් ඒකාබද්ධව පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

චීන-ශ්‍රී ලංකා ජල මධ්‍යස්ථානය ඉදි කිරීමට චීනය සහාය වීම සම්බන්ධයෙන් සිය කෘතඳතාව පළ කරන බව ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. එම මධ්‍යස්ථානය අඛණ්ඩව සංවර්ධනයට ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් චීනය සමග ජල තාක්ෂණික පර්යේෂණ යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම