ගාසා තීරයේ සටන් විරාමය යළි අරඹන්න-චීනයෙන් ඉල්ලීමක්
2023-12-20 09:55:10
Share with:

ගාසා තීරයේ සටන් විරාමය අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවක් බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එසේ පැවසුවේ ඊයේ (19) පැවති ආරක්ෂක මණ්ඩලයේ පලස්තීන-ඊශ්‍රායල ගැටළු පිළිබඳ රැස්වීමේදීය.

ප්‍රාණ ඇපකරුවන් ඇතුළු සිවිල් වැසියන්ගේ ජීවිත හානි, කලාපීය ගැටුම් සහ දේශපාලන විසඳුමේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ වීම වැළැක්විය හැක්කේ සටන් විරාමයකින් පමණක් බව ඔහු පැවසීය. වහාම ගාසා තීරයේ සටන් විරාමය ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව නැවත නැවතත් ඉල්ලා සිටියද, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර තවමත් ක්‍රියාත්මකය. පාසල්, රෝහල්, සරණාගත කඳවුරු ආදිය ඉලක්ක කෙරෙන ප්‍රහාරවලට සාධාරණීකරණයක් නොමැත. එවැනි ප්‍රහාර හා ගාසා තීරයේ පුරවැසින්ට හිංසා කිරීම නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව Zhang Jun මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම