මානවහිතවාදී සටන් විරාමයක් යළි ඇරඹීමට ඊශ්‍රායලය සූදානම්
2023-12-20 10:30:41
Share with:

මානවහිතවාදී සටන් විරාමය යළි ක්‍රියාත්මක කරමින් මානුෂීය සහනාධාර වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට ප්‍රවේශ වීම සඳහා අවස්ථා ලබා දීමට ඊශ්‍රායලය සූදානම් බව එරට ජනාධිපති Isaac Herzog මහතා පවසයි. ඊයේ(19) ඊශ්‍රායලයේ සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සඳහා පැවති නව වසර පිළිගැනීමේ භෝජන සංග්‍රහයේදී ඔහු මේ බව පැවසීය. ඉන් සිරගතව සිටින බොහෝ ඊශ්‍රායල පුද්ගලයන් ගාසා තීරයෙන් මුදා ගැනීමට උපකා‍රි වනු ඇතැයි හෙතෙම කීය.

පලස්තීන ජනතාව ‍නොව, Hamas සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සටන් කරන බව Isaac Herzog මහතා එහිදී අවධාරණය කළේය.

ගාසා තීරයට ටොන් 80ක ආධාර රැගත් නෞකාවක් මෑතකදී පිටත් කෙරිණ. සයිප්‍රසයේ සිට ගාසා තීරය දක්වා සහනාධාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුහුදු මානවහිතවාදී කොරිඩෝවක් ආරම්භ වීම ඉන් සංකේතවත් කෙරෙන බව සයිප්‍රස මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම