චීනය හා නිකරගුවාව අතර උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇරඹේ
2023-12-20 14:04:48
Share with:

චීනය හා නිකරගුවාව උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ.

චීනය හා නිකරගුවාව අතර රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය යළි ආරම්භ කිරීමේ දෙවැනි සංවත්සර දිනය නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නිකරගුවා ජනාධිපති José Daniel Ortega Saavedra මහතා දෙසැම්බර් 20වනදා දුරකථන සංවාදයක නිරත වූහ.

ගෙවී ගිය වසර දෙක තුළ චීනය හා නිකරගුවාව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතාව හා බහුපාර්ශ්වික සම්බන්ධීකරණය තුළින් ලද සක්‍රීය ප්‍රගතීන් නායක දෙපළගේ පූර්ණ පිළිගැනීමට ලක් විය. නව තත්ත්වය යටතේ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් එය උපායමාර්ගික හවුල්කාරීත්වය ලෙස ගොඩනැගීමට දෙරටේ නායකයෝ ඒකමතිකව තීරණය කර ඇත. එය දෙරටේ හා දෙරටේ ජනතාවගේ පොදු අවශ්‍යතාවන්ට සරිලන අතර පොදු සංවර්ධනය හා සමෘද්ධිය ඇති කිරීමට ද ඉවහල් වනු ඇති බව ද දෙපාර්ශ්වයේ විශ්වාසයයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම