කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවි ජනතාව පිළිබඳ කාර්යයන්ට චීන ජනපතිගෙන් උපදෙස්
2023-12-20 19:42:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ග්‍රාමීය කාර්යයන් පිළිබඳ රැස්වීම පැවැත්වෙයි. ඊයේ(19) සහ අද(20) බෙයිජිං හිදී එය පැවැත්විණ. නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනයේ මාර්ගෝපදේශය යටතේ කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවී ජනතාව පිළිබඳ කාර්යයන්හිදී ඇති වත්මන් අභියෝග රැස්වීමේදී විශ්ලේෂණය කර ඇත. එමෙන්ම ලබන වසරේ ඒ හා සම්බන්ධ කාර්යයන් වෙනුවෙන් ද මඟපෙන්වීමක් ලබා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා එහිදී වැදගත් උපදෙස් ලබා දුන්නේය. 2023 වසරේදී චීනය බරපතල ස්වාභාවික විපත් මෙන්ම බහුවිධ අහිතකර බලපෑම් ජය ගෙන ඇති බවත්, ධාන්‍ය නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත්, ගොවීන්ගේ ආදායම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවත්, ග්‍රාමීය සමාජය සාමුහික සහ ස්ථාවර වූ බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

සෑම මට්ටමකම චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු සහ ප්‍රාදේශීය රජයන් කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවි ජනතාව සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේ තීරණ සහ විධිවිධාන නිසි අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ. එසේම, කෘෂිකාර්මික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමුඛතා සංවර්ධනයේ සහ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ඒකාබද්ධ සංවර්ධනයේ නියැළී සිටිය යුතු යුතු අතර ග්‍රාමීය ප්‍රදේශවල සමස්ත පුනර්ජීවනය උසස් හා ඵලදායී ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවත්, කෘෂිකාර්මික හා ග්‍රාමීය නවීකරණය වේගවත් කිරීම මගින් චීන මාදිලියේ නවීකරණය වඩා ප්‍රශස්ත ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවත් හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම