චීන ජනපති රුසියානු අගමැති හමු වෙයි
2023-12-20 11:20:44
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අගමැති Mikhail Vladimirovich Mishustin මහතා හමු වේ. එම හමුව අද(20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

චීන රුසියා සම්බන්ධතාව සහතික කරමින් සිදු වන සංවර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාව පදනම් ව දෙපාර්ශ්වය සිදු කළ උපායමාර්ගික තෝරා ගැනීමක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමෙහි නියැලී සිටින චීනය රුසියාව ඇතුළු විවිධ රටවල්වලට නව සංවර්ධන අවස්ථා ගෙන දෙනු ඇත.  අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, ආර්ථික අනුපූරකත්වය, ජනතාව අතර පවතින මිත්‍රත්වය යන වාසිදායක සාධක ප්‍රවර්ධනය කර  සහයෝගිතා අන්තර්ගතය අඛණ්ඩව පුළුල් කිරීමට දෙපාර්ශ්වය කටයුතු කළ යුතු යැයි හෙතෙම කියාසිටියේය. එසේම ආර්ථික හා වෙළඳ, බලශක්ති, පොදු ගමනාගමනය හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වල සහයෝගිතා පුළුල් කරමින් කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වය කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

චීනය සමග එම ක්ෂේත්‍රවල සහයෝගිතා වැඩිදියුණු කිරීමට රුසියාව ඉදිරියේදීත් අපේක්ෂා කරන බව රුසියානු අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත. චීන රුසියා සංස්කෘතික වසර යන ක්‍රියාකාරකම විධිමත් ලෙස සංවිධාන කරමින් දෙරටේ ජනතාව අතර පාරම්පරික මිත්‍රත්වය තහවුරු කිරීමට රුසියාව අඛණ්ඩව උත්සාහ කරනු ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය ලත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන්ට රුසියාව සිය අවංක සුබ පැතුම් පිරිනමයි. නව වසරේදී රුසියා-චීන සම්බන්ධතාවය නව වර්ධනයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව ද රුසියානු අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.    

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම