චීන සමාගම්වලට එරෙහිවීමෙන් හානි සිදු කර ගන්නා බ්‍රිතාන්‍යය
2023-12-20 11:21:09
Share with:

බ්‍රිතාන්‍ය මාධ්‍ය මෑතකදී වාර්තා කළේ, බ්‍රිතාන්‍ය ජාතික විදුලි බල ජාලය "ආරක්ෂාව" යන පදනම මත, චීන සමාගම් විසින් සපයන ලද යාන්ත්‍රික උපාංග ඉවත් කර ඇති බවයි.

බ්‍රිතාන්‍යය ඊනියා "ආරක්ෂාව" හේතු කොට ගෙන චීන සමාගම්වලට එරෙහිව ක්‍රියා කළේ, සැකයට අමතරව, දේශපාලන අරමුණුවලින් ද යුතුව බව, විශේෂඥයෝ පෙන්වා දෙති. එනම්, බ්‍රිතාන්‍යය ඇමරිකාව අනුගමනය කරමින් චීන තාක්ෂණ සමාගම් මර්දනය කිරීම තීව්‍ර කිරීමය. තවත් කරුණක් නම්, බ්‍රිතාන්‍යය ලබන වසරේ මහ මැතිවරණය පවත්වන බැවින්, චීනයට විරුද්ධව දැඩිව ක්‍රියා කිරීමෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට පාලක පක්ෂය තුළ ඇති යටි අරමුණය.

චීන සමාගම් විසින් සපයන ලද යාන්ත්‍රික උපාංග ඉවත් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍ය ජාතික විදුලි බල ජාලය අදාළ සැපයුම් වෙනුවෙන් විකල්ප සමාගම් සොයා ගැනීමේ ගැටලුවකට මුහුණදී සිටී. මේ අතර බ්‍රිතාන්‍යය කවර හෝ පිරිවැයක් මත වාණිජ හා තාක්ෂණික ගැටලු අතිශයින් දේශපාලනීකරණය කිරීම, බ්‍රිතාන්‍ය වෙළඳපොල විවෘත, සාධාරණ සහ වෙනස් කොට සැලකීමකින් තොරව පවතින්නේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර සමාගම් තුළ  සැකයක් මතු කර ති‍බේ. එපමණක් නොව, බ්‍රිතාන්‍යය තුළ සිදු කරන ආයෝජන කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය දුර්වල වීමට ද එය බලපා තිබේ.

බ්‍රිතාන්‍යය මුහුණ දෙන තර්ජනය කිසි විටෙකත් චීන සමාගම් නොව, ජනතාවගේ අවශ්‍යතා නොසලකා දේශපාලන උපායන් භාවිත කරන  දේශපාලනඥයන් පමණි. චීනය හවුල්කරුවෙකු සහ සංවර්ධන අවස්ථාවක් බව බ්‍රිතාන්‍යයේ තාර්කික ජනතාව තේරුම් ගත යුතුය. චීන  බ්‍රිතාන්‍ය සබඳතාවන්හී නිවැරදි මාර්ගය, ප්‍රායෝගික සහයෝගීතා සහ අන්‍යෝන්‍ය වාසීසහගත හවුල්කාරීත්වයක් පවත්වා ගැනීමය. දෙරට ලෝකයට ප්‍රතිලාභ අත්කර දෙන අයුරින් ද්විපාර්ශ්වික සබඳතා විධිමත් සහ ස්ථාවර ව ප්‍රවර්ධනය කළ යුතු බව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම