චීන හා නවසීලන්ත විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්
2023-12-20 11:37:12
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, නවසීලන්ත උප අගමැති, විදේශ අමාත්‍ය Winston Peters මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි. 

එය ඊයේ(19) පැවැත්විණ.ජාත්‍යන්තර තත්ත්වයේ සංකීර්ණ මෙන්ම ගැඹුරු වෙනස්කම් සිදු වෙමින් පවතී.එහෙත් චීනය හා නවසීලන්තය අතර සබඳතාවේ වැදගත්කම වෙනස් නොවන අතර දෙරටේ ආර්ථීකයන් අතර පවතින අනුපූරකත්වය ද වෙනස් නොවේ. මේ හේතුවෙන් චීන-නවසීලන්ත සබඳතාව සක්‍රීය ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ චීනයේ සංකල්පය හා ප්‍රතිපත්ති ද වෙනස් නොවන බව වං යී මහතා පැවසීය. දෙරටේ සබඳතාව නව ආරම්භයක සිට නව සංවර්ධනයක් දිනා ගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරයි.එය සමාන නොවන පද්ධතිවල, සමාන නොවන ශිෂ්ටාචාරයන්, සමාන නොවන පරිමාණ රටවල් අතර අන්‍යෝන්‍ය ගරුත්වය හා පොදු ජයග්‍රහණ පිළිබඳ ආදර්ශණයක් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

නවසීලන්තය, චීනය  ඉතා වැදගත් කොට සලකන අතර දෙරටේ පොදු ජයග්‍රහණ සහතික කර ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව Winston Peters මහතා එහිදී කීය. බහුපාර්ශ්වවාදය සුරක්ෂිත කර ශක්තිමත් කිරීමෙහි නවසීලන්තය නියැළි සිටී. ජාත්‍යන්තර හා කලාපීය කටයුතු තුළ චීනයේ කාර්යභාරයන් වැදගත් කොට සලකන තම රට කලාපීය හා ලෝකයේ සාමය හා ස්ථාවරත්වය සඳහා චීනය වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි  අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම