Gansu පළාතේ ඇති වූ භූමිකම්පාව සම්බන්ධයෙන් රටවල් හා ජගත් සංවිධාන රැසක් චීනය වෙත සංවේග පළ කරයි
2023-12-20 17:30:04
Share with:

චීනයේ Gansu පළාතේ භූමිකම්පාවක් සිදු වීමෙන් පසු රටවල් හා ජගත් සංවිධාන රැසක් චීනය වෙත සංවේගයක් පළ කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීනයේ Gansu පළාතේ Jishishan කෝරළයේ හටගත් භූමිකම්පාවකින් පසුව රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා, පාකිස්ථාන ජනාධිපති Arif Alvi මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මිය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඇතුළු විදේශ රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නායකයන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත දුරකථන ඇමතුම් සහ විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවිඩ යොමු කරමින් සිය අවංක සංවේගය ප්‍රකාශ කළ අතර භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ශෝකය ප්‍රකාශ කර තිබෙන බව Wang Wenbin මහතා එහිදී පැවසීය. ඒ සඳහා චීනය සිය අවංක කෘතඥතාව පළ කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වන විට විවිධ පාර්ශ්වයන් විවිධ ආකාරවලින් උපරිමයෙන් විපත් සහන කටයුතුවල නිරත ව සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථීර නායකත්වය යටතේ සහ රටපුරා සෑම තරාතිරමකම ජනතාවගේ ප්‍රබල සහයෝගය යටතේ ආපදා ප්‍රදේශයේ ජනතාවට ව්‍යසනය ජයගෙන තම නිවහන යළි ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ද Wang Wenbin මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම