ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි
2023-12-20 15:18:33
Share with:

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා දුරකථන සේවා සැපයුම් ආයතන කිහිපයක් එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදක්වයි. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිත ය. එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරමින් නාය යාම් සහ ගං වතුර ආපදා තත්වයන් වලදී මහජනතාව වෙත මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ව්‍යාප්ත කිරීම මගින් බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙසද ඉදිරියේදී මෙය දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම