ජනවාරි මස විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට සහනයක්
2023-12-20 15:19:38
Share with:

ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. කංචන විජේසේකර  මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙන බවත්, ඒ පිළිබඳ විවිධ අදහස් මේ වන විට ලැබෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන අතර ප්‍රමාණවත් තරම්  ඉන්ධන තොග පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම