විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා මහජන අදහස් විමසයි
2023-12-20 15:20:30
Share with:

2023-2025 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇත. “විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජය, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමකි.

මේ වන විට ලොව පුරා රටවල් 75 ක්, පළාත් පාලන ආයතන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ‍සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම