ශක්තිමත් ජීව ශක්තියක් සහ උසස් ගම්‍යතාවයක් පෙන්වන හරිත සේද මාවත
2023-12-20 17:15:28
Share with:

හරිත සේද මාවත ඉදිකිරීම ශක්තිමත් ජීව ශක්තියක් සහ උසස් ගම්‍යතාවයක් පෙන්නුම් කර ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

හරිත සේද මාවත ඉදිකිරීම, “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ සංවර්ධනයේ වැදගත් කොටසකි. එය පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රටවලට අත්දැකීම් සහ මාර්ග සපයන , ශක්තිමත් ජීව ශක්තියක් සහ ගම්‍යතාවයක් පෙන්නුම් කර ඇති වැඩපිලිවෙළක් බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

පසුගිය මාසය වන විට චීනය රටවල් 39 ක් සමඟ දේශගුණික විපර්යාස පිළිබඳ දකුණු-දකුණු සහයෝගිතා ලේඛන 48 කට අත්සන් කර ඇති බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. එසේම පකිස්ථානය, ඉතියෝපියාව, සැමෝවා, චිලී සහ ඊජිප්තුව වැනි රටවල් 30කට වැඩි ප්‍රමාණයක් සමඟ චීනය දේශගුණික විපර්යාස අවම කිරීමේ සහ අනුවර්තනය කිරීමේ ව්‍යාපෘති 70කට වඩා සිදු කර ඇති බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම