චීනයේ Gansu පළාතේ භූමිකම්පාවකින් 131දෙනෙකු ජීවිතක්ෂයට
2023-12-19 10:07:26
Share with:

චීනයේ Gansu පළාතේ Jishishan කෝරළයේ හටගත් භූමිකම්පාවකින් පුද්ගලයන් 113දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති. බෙයිජිං වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11:59 ට සිදුව ඇති එහි ප්‍රබලතාව රිච්ටර් මාපකයේ 6.2 ක් ලෙස සටහන් විය.

Gansu පළාතේ පුද්ගලයන් 782 දෙනෙකු තුවාල ලබා ඇත. Qinghai පළාතේ ද 18 දෙනෙකු මිය ගොස් ඇති අතර, 198 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම ප්‍රදේශවල ජලය, විදුලිය, ප්‍රවාහනය හා සන්නිවේදන පහසුකම්වලට ද හානි සිදුව තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අගමැති ලී ච්‍යං මහතා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජීවිත හානි අවම කිරීම සඳහා, විපතට ලක්වූවන් කඩිනමින් මුදාගැනීමටත්, වෛද්‍ය සේවා සහතික කිරීමටත් උපරිම පියවර ගත යුතු බව ද දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ චීන ජාතික කමිටුව, හදිසි කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු ආයතන රැසක් Gansu පළාතේ විපතට පත් ප්‍රදේශ වෙත අනූදහසකින් සමන්විත සහනාධාර සැපයුම් යොමු කළේය. කපු කූඩාරම්, කපු ඇඳ ඇතිරිලි, ඇඳන්, ශීත ඍතු ඇඳුම්  ඊට ඇතුළත් ය.

අද(19) උදෑසන 9 වනවිට, Gansu සහ Qinghai යන පළාත්වල විපතට ලක්වූ ප්‍රදේශවලට සමස්තයක් වශයෙන් එක්ලක්ෂ එකොළොස්දහස් පන්සියයකින් සමන්විත ආධාර සැපයුම් තොගයක් චීන මධ්‍යම රජය ලබා දී ඇත. පීඩාවට ලක්ව සිටින ජනතාවට උපරිම සහන සැලසීම එහි අරමුණයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම