චීනය දේශීය හා විදේශීය වෙළඳාම් ඒකාබද්ධකරණය කඩිනම් කරයි
2023-12-19 10:37:52
Share with:

දේශීය හා විදේශීය වෙළඳාම ඒකාබද්ධකරණ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා චීනය පියවර ගනී.

ඊට අදාළ පියවර මාලාව පසුගිය දා  නිකුත් කෙරිණ.අදාළ ඒකාබද්ධකරණ ක්‍රියාදාමයේ පවතින මූල්‍ය, ප්‍රමිතිය, මාර්ග, නිරීක්ෂණය යන ගැටළු විසඳා ගැනීම සඳහා ක්ෂේත්‍ර 5ක පියවර 18ක් ඊට ඇතුළත්ය.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ (18)  අදාළ තොරතුරු ඉදිරිපත් කළේය. දේශීය හා මෙමගින් විදේශීය වෙළඳ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර දේශීය වෙළඳපොල තුළ ව්‍යප්ත කිරීමට අනුබල දෙන බව චීන උප වාණිජ අමාත්‍ය Sheng Qiuping මහතා පැවසීය. දේශීය ව්‍යවසායකයන්ට අන්තර් ජාතික ඊ වාණිජ , වෙළඳපොල මිලදී ගැනීම වැනි ක්‍රම හරහා ජාත්‍යන්තර වෙළඳපොල පූළුල් කිරීමට චීන රජය සහය ලබා දෙයි. ඒ ඒ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ හා නවෝතපාදන ශක්තිය තහවුරු කිරීම ද දිරිමත් කෙරේ. දෙස් විදෙස් වෙළඳාම ඒකාබද්ධකරණ ව්‍යවසායකයන්, දේශීය හා විදේශීය වෙළඳාම් සංවර්ධනය කරන කර්මාන්ත සමූහය බිහි කිරීමට මූල්‍ය සහාය ලබා දෙන චීනය එම ව්‍යවසායකයන් සඳහා සේවය ලබා දීමේ හැකියාව තහවුරු කරනු ඇති බවද චීන උප වාණිජ අමාත්‍ය Sheng Qiuping මහතා සඳහන් කළේය. 



ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම