නව විදේශ ප්‍රතිපත්තිය තුළ සාමකාමීත්වයට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනපති පවසයි
2023-12-19 17:40:23
Share with:

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් සඳහා පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් සාම සාධක කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය සමග පමණක් සම්බන්ධ කිරීමේ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් බැහැර වන අතර එම කටයුතු රටේ ආරක්‍ෂක මෙන්ම විදේශ ප්‍රතිපත්ති රාමුවේද අනිවාර්ය අංගයක් වනු ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

සාම්ප්‍රදායික දේශපාලන සබඳතාවලින් ඔබ්බට විහිදෙන ගෝලීය ප්‍රවේශයක් අවධාරණය කරමින් නව විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයන් පිළිබඳ කරුණු දැක්වූ ජනාධිපතිවරයා සාමය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාස සහ වෙනත් විවිධ ගෝලීය බලපෑම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා උපායමාර්ගයේ කේන්ද්‍රීය කුළුණු වන බවද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම