ඊජිප්තු ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත් වූ Abdel Fattah al Sisi මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-12-19 17:12:11
Share with:

Abdel Fattah al Sisi මහතා ඊජිප්තු ජනාධිපතිවරයා වශයෙන් යළි තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුබපැතුම් පිරිනමයි.

ඒ ෂී ජින් පිං මහතා Abdel Fattah al Sisi මහතා වෙත අද (19) සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමිනි.

මෑත වසරවලදී චීන-ඊජිප්තු සබඳතා ශක්තිමත්ව වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාවයෙන් ඵලදායී ප්‍රතිඵල ලැබී ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

තමන් චීන-ඊජිප්තු සබඳතා වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර දෙපාර්ශ්වය එකිනෙකාට ස්ථිර ලෙස සහයෝගය දක්වමින් අඛණ්ඩව කටයුතු කර ඇත. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, චීන-ඊජිප්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ චීන-ඊජිප්තු පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වය නව මානයකට ගෙන ඒමට Abdel Fattah al Sisi මහතා සමග ඉදිරියටත් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම