තායිවාන ප්‍රදේශයට තවදුරටත් අවි ආයුධ සපයන ඇමරිකාව කෙරෙහි චීනයේ විරෝධය
2023-12-19 11:38:38
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයට ඇ.ඩො. මිලියන 300 ක වටිනාකමින් යුතු අවි ආයුධ අලෙවි කරන බවට ඇමරිකානු ජාතික ආරක්ෂක සහයෝගතා ඒජන්සිය පසුගිය දා කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වයි. යුද මෙහෙයවීම්, පාලන හා සන්නිවේදන මෙවලම් මෙන්ම පරිගණක ආශ්‍රිත උපකරණ එම අවි ආයුධ තොගයට ඇතුළත් බව ද වාර්තා වී ඇත. මේ ක්‍රියාව පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක වූ චියන් මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබේ.

ඇමරිකාවේ මෙම පියවර එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කර ඇති අතර, චීනයේ ස්වාධිපත්‍යයට ඉන් බරපතල හානියක් සිදුව ඇතැයි වූ චියන් මහතා පෙන්වාදෙයි. එය තායිවාන බෙදුම්වාදීන් වෙත නිකුත් කෙරුණු වැරදි සංඥාවකි. චීනය ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

තායිවාන ප්‍රශ්නය සෑමවිටම චීන-ඇමරිකා සම්බන්ධතාවයේ වැදගත්ම සහ සංවේදීම කොටසයි. තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවිය නතර කරන ලෙසත්, තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදෙන බවට වන ප්‍රකාශය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව, තායිවාන ප්‍රශ්නය මගින් චීනය පාලනය කිරීමට දරන උත්සාහය හා තායිවාන බෙදුම්වාදීන් හමුදාමය බලය ශක්තිමත් කිරීමෙන් රට බෙදීමට දරන වෑයම නිසැක වශයෙන්ම පරාජය වනු ඇතැයි ද වූ චියන් මහතා අවධාරණය කළේය. 


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම