කලාපීය ගැටුම් ඇති කරන විනාශකාරී ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2023-12-19 17:00:25
Share with:

චීනයේ ආරක්‍ෂාවට බාධා කරන සහ කලාපීය ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරන විනාශකාරී ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරි John Aquilino ගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමිනි.

චීනය අවට මුහුදේ සහ ගුවන් කලාපයේ සමීප ඔත්තු බැලීම සඳහා ඇමරිකාව නිරතුරුව  යුද නැව් සහ ගුවන් යානා යෙදවීම සම්බන්ධයෙන් චීනය සෑමවිටම දැඩි ලෙස විරුද්ධ වන බව Wang Wenbin මහතා ප්‍රකාශ කළේ ය. චීනයේ ආරක්‍ෂාව අඩපණ කිරීමටත් කලාපීය ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කිරීමටත් තුඩුදෙන විනාශකාරී ක්‍රියාමාර්ග වහාම නිවැරදි කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම