චීනයට අනන්‍ය ප්‍රවේශයක් තුළ ක්‍රියාත්මක චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය
2023-12-19 15:33:30
Share with:

චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කළේ මීට වසර 45කට පෙර ය. එම කාලයේ කිසිදු විදේශ ආයෝජනයක් නොතිබූ චීනය ලොව ඌන සංවර්ධිත රටක් ‍ලෙස සැලකුණි. චීනය එම තත්ත්වයෙන් මුදා ගැනීම පිණිස එවකට චීන රාජ්‍ය නායකයා වූ ‍ඩෙං ශියාඕ පිං මහතා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ආරම්භ කළේය. ඒ සමග ම විවෘත විදේශ ප්‍රතිපත්තිය මූලික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරිණ.

ඩෙං ශියාඕ පිං මහතාගේ මුලපිරුමෙන් ඇරඹි ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය චීනයට විශාල පරිවර්තනයක් අත් කර දුන් අතර ඇතැම් ගැටළු සහගත තත්ත්වයන් ද මතු විය. මීට වසර 10කට පෙර එනම් 2013 වස‍රේ ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ගැටළු සහගත තත්ත්වයන් හඳුනා ගෙන ඒවා ඉවත් කරමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ප්‍රකාශ කළේය. හෙතෙම පැවති එම ගැටළු අවසන් කරමින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යළි සකස් කළේ ය. ගෙවුණු දශකයේ චීන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව චීනය තවත් සංවර්ධන ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබේ. රටේ කෝටි 10ක දිළිඳු ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් මුදා ගැනීමටත්, ලොව විශාලතම අධ්‍යාපන,සමාජ ආරක්ෂණ , ‍සෞඛ්‍ය හා වෛද්‍ය පද්ධතිය ‍ගොඩ නැගීමටත් චීනය සමත් විය.

ඒ අතර, ගෙවුණු දශකයේ චීන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය ද තහවුරු කර ඇත. ජාත්‍යන්තර වශයෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් රටවල් 150ක් හා ජගත් සංවිධාන 30කට වැඩි සංඛ්‍යාවක් චීනය සමග සහයෝගිතා ලියවිලි 230කට පමණ අත්සන් තබා තිබේ. මේ වන විටත් නිදහස් වෙළඳ නියමු කලාප 23ක් චීනයේ ස්ථාපිත කර අවසන් ය. එමෙන් ම ආනයන ප්‍රදර්ශනය සහ ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇතුළු ගෝලීය මට්ටමේ ප්‍රදර්ශන රැසක් චීනය වාර්ෂික ව සංවිධානය කරයි.

 චීනය ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය චීනයට අනන්‍ය වූ ස්වකීය සංවර්ධන උපායමාර්ගයකි. එම නවමු ආකාරයේ නවීකරණ උපාය බටහිර ලෝකයේ රීති රෙගුලාසි හා සමාන නොවීම විශේෂත්වයකි. සිය අනන්‍යතාව හා ස්වාධීන්වය රැකගන්නා අතරම සංවර්ධනය වේගවත් කිරීමට දැඩි අපේක්ෂාවෙන් සිටින රටවල් වෙනුවෙන් චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය නවමු ප්‍රවේශයක් වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම