‍විවෘත සංකල්පයෙන් ලොවට නව අවස්ථා උදා කිරීමට කැපවන චීනය
2023-12-19 10:59:06
Share with:

මෙම වසරට චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අනුගමනය කර වසර 45ක් සපිරේ. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය මගින් චීනයට වෙනස්කම් පමණක් නොව ලොවට පොදු ජයග්‍රහණ ද අත්කර දී ඇත.

ගෙවී ගිය වසර 10 තුළ ගෝලීය ආර්ථිකයෙන් චීනය ගත් කොටස සියයට 12.3 සිට සියයට 18ක් දක්වා වර්ධනය වී තිබේ. ගෝලීය ආර්ථික වාර්ෂික වර්ධනයට චීනය සියයට 30ක දායකත්වයක් දරා තිබේ. රටවල් හා කලාප 140කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන වෙළඳ හවුල්කාරී රටට ලෙසට චීනය පත්ව තිබේ. අන්තර්ජාතික සමාගම් චීන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් චීනයේ පුළුල් වර්ධන අවස්ථා ලබා ගෙන තිබේ. ගෙවී ගිය වසර 10 තුළ චීනය ආකර්ෂණය කර ගත් විදෙස් ආයෝජන ලෝකයේ සමස්ත අගයෙන් සියයට 8.2 සිට සියයට 11.4ක් දක්වා වැඩි වී තිබේ.

චීනයේ විවෘතභාවය තුළින් හරිතකරණය හා ඩිජිටල්කරණය ඇතුළු ආර්ථික වර්ධන ප්‍රවණතාවන් ද මෙහෙයැවේ. 2022 වසරේ චීනයේ ඩිජි‍ටල් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිත වටිනාකමෙන් සියයට 41.5කි. එයට ලෝකයේ දෙවැනි ස්ථානය හිමි විය. චීනයේ ඩිජිටල් තාක්ෂණ වර්ධනයෙන් විවිධ රටවල ජනතාවට සුභසෙත සලසමින් ගෝලීය ආර්ථික වර්ධනයට නව ගාමක බලවේගය එක් කරමින් සිටී.

චීනය අනුගමනය කරන විවෘත සංකල්පය හා විවෘත ගෝලීය ආර්ථිකය ගොඩනැගීමේ උත්සාහයන් මගින් ගෝලීය පාලන පද්ධතියට නව ස්වරූපයක් ගෙන එයි. ගෙවී ගිය වසර 10 තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඔස්සේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක පමණ ආයෝජනය‍ ගෙන එමින් අදාළ රටවල රැකියා ලක්ෂ 4.2ක් බිහිකරමින් පුද්ගලයන් මිලියන 40ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට හැකිවීම ඊට මනා උදාහරණයකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම