චීනයේ ටිබේටය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වහාම නතර කරන ලෙසට චීනය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි
2023-12-19 16:58:57
Share with:

චීනයේ ටිබේටය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වහාම නතර කරන ලෙස චීනය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ අදාළ තීරණය චීනයේ ටිබේටයට සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කොට චීනයේ ප්‍රතිරූපය අපකීර්තියට පත් කර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි. ඒ පිළිබඳව චීනය දැඩි අප්‍රසාදය හා ස්ථීර විරුද්ධත්වය පළ කරන බව Wang Wenbin මහතා එහිදී පැවසීය. ටිබේටය සම්බන්ධ කරුණු ප්‍රයෝජනයට ගැනීම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් වන අතර ඒ ඔස්සේ චීන-යුරෝපා අන්‍යෝන්‍ය විශ්වාසය හා සයෝගිතාව විනාශ කිරීම වහාම නතර කරන ලෙස චීනය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව හෙතෙම අවධාරණය කළේය.

වත්මන් ටිබේටයේ ආර්ථිකය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරන අතර එහි සමාජය සන්සුන් හා ස්ථාවර ය. ටිබේටයේ මානව හිමිකම් ඉතිහාසයේ හොඳම අදියරක පවතින අතර එය ජගත් ප්‍රජාවට පැහැදිලිව දැකිය හැකි බව ද Wang Wenbin මහතා එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම