චීනයට මැද පෙරදිග සම්බන්ධයෙන් කිසිදු ආත්මාර්ථකාමී අවශ්‍යතාවක් නොමැති බවට චීනය අවධාරණය කරයි
2023-12-19 17:03:38
Share with:

චීනයට මැද පෙරදිග සම්බන්ධයෙන් කිසිදු ආත්මාර්ථකාමී අවශ්‍යතාවක් නොමැති අතර කිසිවිටක කල්ලිවාදයේ නිරත නොවනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භයේ සිට චීනය සටන් විරාමය ප්‍රවර්ධනය කිරීමට සහ යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කිරීමට කැපවී සිටි බව Wang Wenbin මහතා එහිදී ප්‍රකාශ කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ BRICS රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වූ අතර, "පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවයෙන් සිටීමේ ජාත්‍යන්තර දිනයේ" සැමරුම් සම්මේලනයට ගෙවී ගිය වසර 11 තුළදීම අඛණ්ඩව සුබ පැතුම් පණිවිඩය යොමු කර තිබේ. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් හෙතෙම බොහෝ අවස්ථාවලදී චීනයේ ස්ථාවරය අවධාරණය කර ඇත. පලස්තීන-ඊශ්‍රායල ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ රැස්වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. නොවැම්බර් මස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය හිමි රට ලෙස, ගැටුම ඇතිවීමෙන් පසු පළමු යෝජනාව සම්මත කර ගැනීමට චීනය ආරක්ෂක මණ්ඩලය යොමු කරවමින්“පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය විසඳීම පිළිබඳ  චීනයේ ස්ථාවරය පිළිබඳ ලේඛනය” නිකුත් කර තිබේ.

චීනයට මැදපෙරදිග සම්බන්ධයෙන් කිසිදු ආත්මාර්ථකාමී අවශ්‍යතාවක් නොමැති බවත්, කිසිවිටක කල්ලිවාදයේ නොයෙදෙන බවත්, මැදපෙරදිග රටවල ජනතාවට ඔවුන්ගේ ඉරණම බාහිර මැදිහත්වීම්වලින් තොරව ඔවුන්ටම තීරණය කිරීමට සහාය දෙන බවත් Wang Wenbin මහතා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම