“චීන මාදිලියේ නවීකරණයේ පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම” මැයෙන් ආර්ථික තත්ත්වය පිළිබඳ රැස්වීම් මාලාව ඇරඹේ
2023-12-19 19:40:14
Share with:

“චීන මාදිලියේ නවීකරණයේ පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම” මැයෙන් ආර්ථික තත්ත්වය පිළිබඳ රැස්වීම් මාලාවේ ප්‍රථම සමුළුව අද(19) බෙයිජිංහි දී ඇරඹිණ.

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ අධ්‍යක්ෂ Zheng Shanjie මහතා එහිදී විශේෂ දේශනයක් පැවැත්වීය.

“චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සහ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුවේ ජීවගුණය ගැඹුරින් ක්‍රියාත්මක කොට අධිගුණාත්මක සංවර්ධනය ස්ථීර ලෙස ප්‍රවර්ධනය කිරීම” එහි ප්‍රධාන තේමාවයි.

මෙම වසරේ සිට චීනය බාහිර පීඩන හා අභ්‍යන්තර දුෂ්කරතාවන් ජය ගනිමින් ආර්ථිකයේ ප්‍රකෘතිමත්වීමක් සිදු ව ඇති බව ඔහු සඳහන් කළේය. මෙමගින් වසර පුරා සංවර්ධනය සඳහා වන ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක චීනයට සපුරාලීමට හැකි වනු ඇත. අධිගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය තහවුරු කරමින් සමාජවාදී නවීකරණ රටක් ලෙසට ගොඩනැඟීම කරා චීනය අධිෂ්ඨානශීලී අයුරින් ගමන් කරන බව ද ඔහු එහිදී පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම