උතුරු කොරියානු උප විදේශ අමාත්‍යවරයා හා චීන විදේශ ඇමතිවරයා අතර හමුවක්
2023-12-18 18:21:26
Share with:

චීනය සහ උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික උපදේශන පැවැත්වීම සඳහා චීනයට පැමිණි උතුරු කොරියානු උප විදේශ අමාත්‍ය  Pak Myong Ho මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා හමුවෙයි. අද (18) පෙරවරුවේ බෙයිජිං හිදී හමුව පැවති බව Wang Wenbin මහතා අද පැවැති නිත්‍ය මාධ්‍ය හමුවේදී  පෙන්වා දුන්නේය.

චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය චීන කොමියුනිස්ට් පක්ෂය හා උතුරු කොරියානු කම්කරු පක්ෂය යන පක්ෂ දෙකේ සහ රටවල් දෙකේ වැඩිහිටි පරම්පරාවේ නායකයින් විසින් නිර්මාණය කරන ලද්දකි.එය දෙපාර්ශවය විසින්ම බෙදා ගන්නා වටිනා සම්පතක් බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී පැවසීය. මෑත වසරවලදී, පක්ෂ දෙකේ සහ රටවල් දෙකේ ඉහළ නායකයින්ගේ උපාය මාර්ගික මග පෙන්වීම යටතේ, චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වී තිබේ. ලබන වසරේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු උත්සව මාලාවක් සාර්ථකව සංවිධාන කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, චීනය සහ උතුරු කොරියාව අතර මිත්‍ර සබඳතා ස්ථාවර ලෙස තහවුරු කිරීමටත් උතුරු කොරියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම