මෑත ඉතිහාසයේ ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාව සළකුණු කිරීමට හැකිවීම මේ වසරේදී චීනය ලැබූ ප්‍රබලම ජයග්‍රහණයක්
2023-12-18 10:29:01
Share with:

 

ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකා සබඳතාව සුබවාදී බලාපොරොත්තු රැසක් ජනිත කරමින් එම රාජ්‍ය නායක හමුව පැවැත්වීම මෑත ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් බව ප්‍රවීණ මාධ්‍යවේදිනී තරංගී අතුරලිය මහත්මිය කියා සිටී. ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරින් වේගයෙන් වෙනස්වන ලෝක ස්වභාවයන් යහපත් දිශානතියක් වෙත ගෙන යාමේ වගකීම උදාවී තිබේ. එම නිසා මානව දියුණුව වෙනුවෙන් ක්‍රියා කිරීමේ පූර්ණ මෙහෙයුම මෙම රටවල් මත පැවරී තිබේ. වර්තමානයේ ගෝලීය ප්‍රජාව අභියෝග සහ වෙනස්කම්වලින් පිරුණු යුගයක, නමුත් බලාපොරොත්තුවලින් පිරුණු යුගයක ජීවත් වෙයි. ලෝකයේ අනාගතය සඳහා චීනය සහ ඇමරිකාව අතර සහයෝගීතාව අවශ්‍ය වන්නා සේම අන්‍යෝන්‍ය ජයග්‍රහණ මත නිර්මාණය වන සහයෝගිතාව කලාපීය හා ගෝලීය සංවර්ධනයට මනා පිටුබලයක් සපයනු ඇත. චීනය විසින් 2023 වසරේ දියත් කරන ලද සැලසුම් අතර වඩාත් වැදගත්ම ගෝලීය ප්‍රතිලාභය ලෙස මෙම හමුව සඳහන් කළ හැකි බව තරංගි මහත්මිය පැවසුවාය.

චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස ෂී ජින් පිං හා ජෝ බයිඩන් ජනාධිපතිවරුන්ට ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඉටු කිරීමේ වගකීමක් පැවරී තිබේ. පවතින මතභේද සමනය කරමින් විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයෙන් පොදු ජයග්‍රහණ උදෙසා ක්‍රියා කිරීමට එකඟතාවන්ට එළඹීම සැබැවින්ම ගෝලීය සංවර්ධන දායමයට සුබ බලාපොරොත්තු ජනිත කරවන්නකි.

මීට අමතරව 2023 වසර තුළ චීනය විසින් ගෝලීය ප්‍රගමනය උදෙසා උපාය මාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇත. ඉන් එකක් වන්නේ එක් තීරයක් එක් මාවතක් දස වන සැමරුම හා තුන් වන නායක සංසදයේ දී කලාපීය හා ගෝලීය වශයෙන් වැදගත් තීරණ රැසකට එළඹීමට හැකි වීමයි. එහි දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පොදු සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කළ හැකි වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

මෙම වසර බිහිසුණු යුද්ධයේ අඳුරු පැතිකඩ ලොවට පෙන්වීමට සමත් වූ වසරකි. මානව ඉතිහාසයේ දරුණු ව්‍යසනයක් ලෙස එය සටහන් වන විට චීනය ඉතා සාධනීය මැදිහත්වීමකින් යුක්රේන රුසියා යුද්ධයට මෙන්ම පලස්තීන-ඊශ්‍රායල් යුද්ධයත් පාලනයට ප්‍රබල දායකත්වයක් සැපයූ බව දක්නට ලැබුණ බව ද අතුරලිය මහත්මිය පැවසුවාය. එයට නොදෙවෙනි ලෙස ජපාන න්‍යෂ්ටික අපජලය මුහුදට එක් කිරීමෙන් සිදු කරන හානිය පිළිබඳව ලොවට හෙළි කරමින් එය පාලනය උදෙසා අවංක නොනවතින උත්සාහයක චීනය නිරතව සිටී.

එමෙන්ම ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව නිවැරදි අවබෝධයෙන් එම සබඳතා පවත්වා ගැනීමටත් අන්‍යෝන්‍ය වටිනාකම් රැක ගනිමින් පොදු සංවර්ධනයට උර දීමටත් චීනය 2023 වසර තුළ දරන ලද ප්‍රයත්නය අගය කළ යුතුය. එහිදී රටවල් අතර ගැටුම් නිසි ආකාරයෙන් පාලනය කිරීමෙන් අත්පත් වන ප්‍රතිඵල ලෝකයේ නව යුගයක් බිහි කිරීමට හේතුවක් වනු ඇත. එම නිසා චීනය ගෝලීය ආර්ථික, සංවර්ධන හා මානව කේන්ද්‍රීය සමාජයක් ගොඩනැඟීම උදෙසා මෙම වසර තුළ ක්‍රියාත්මක කරන ලද කාර්යභාරය ඉතාමත් විශිෂ්ට බවත්, 2024 වසර එහි සාධනීය ප්‍රතඵල තවදුරටත් අත්කර ගැනීමට හැකිවනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තරංගි අතුරලිය මහත්මිය අපේක්ෂා පළ කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම