ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් සියලු දේශපාලන නායකයන්ට ඉල්ලීමක්
2023-12-18 17:07:29
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකු අසීරු තීරණ ගැනීමට සූදානම් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම