සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
2023-12-18 17:05:33
Share with:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අර්බුදයෙන් හිස ඔසවමින් සිටින අවස්ථාවේ දී මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යකොට සලකන බවය.

2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන, ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම