කුවේට්හි නව එමීර්වරයා වෙත චීන ජනපතිගෙන් සුබපැතුම්
2023-12-18 10:28:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(17) කුවේට් නව එමීර්වරයා ලෙස පත් වූ Mishal Al-Ahmad Al-Jaber Al-Sabah මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය. 

චීනය සහ කුවේටය අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගෙවුණු වසර 50 තුළ, ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන ඇත. දෙපාර්ශ්වයම එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් සෑම විටම අන්‍යෝන්‍ය සහයෝගය දක්වා ඇති අතර, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ධනාත්මක ප්‍රගතියක් ද ලබා ගෙන තිබේ. චීනය සහ කුවේටය අතර සබඳතා වර්ධනයට තමා වැඩි අවධානයක් යොමු කර ඇති බව, ෂී ජින් පිං මහතා කියාසිටියේය. Mishal Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයා සමග, චීන-කුවේට් උපායමාර්ගික හවුල්කාරිත්වය වඩාත් ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, දෙරටේ ජනතාවට වඩාත් හොඳ ප්‍රතිලාභ ගෙන දීමට, චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම