අධික වර්ෂාව හේතුවෙන් පවුල් දෙදහසකට අධික පිරිසක‍ට පීඩා
2023-12-18 17:06:37
Share with:

රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවලින් දිස්ත්‍රික්ක හයක පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්වය හේතුවෙන් පවුල් 490 ක පුද්ගලයන් 1,625 ක අවතැන්ව ඇති බව ද එම මධ්‍යස්ථානය කියා සිටී.

උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අයත් පවුල් 419 ක පුද්ගලයන් 1,499 ක් මේ වන විට අපහසුතාවට පත්ව සිටින බවත් බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද සැළකිය යුතු පිරිසක් ආපදාවට ලක්ව සිටින බවත් එම එම මාධ්‍යස්ථානය පවසයි. 

දැඩි වර්ෂාව, ගංවතුර, ගස් කඩාවැටීම වැනී සිද්ධීන්වලින් එම පුද්ගලයන් ආපදාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම