චීනයේ 40 වන ඇන්ටාක්ටික් විද්‍යාත්මක ගොඩබිම් නිරීක්ෂණ කණ්ඩායම සිය ගවේෂණ මෙහෙයුම අරඹයි
2023-12-18 11:11:54
Share with:

චීනයේ 40 වන ඇන්ටාක්ටික් විද්‍යාත්මක ගොඩබිම් නිරීක්ෂණ කණ්ඩායම සිය ගවේෂණ මෙහෙයුම සඳහා පිටත් වෙයි. 

චීනයේ 40 වන ඇන්ටාක්ටික් විද්‍යාත්මක ගොඩබිම් නිරීක්ෂණ කණ්ඩායම ඊයේ ඇන්ටාක්ටික් කලාපයේ පිහිටි චීන Zhongshan විද්‍යාත්මක ගවේෂණ මධ්‍යස්ථානයේ දී  අදාළ පිටත් වීමේ උත්සවය පැවැත්විය. සාමාජිකයින් 29 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම වෙන් වෙන් වශයෙන් ඇන්ටාක්ටික් කලාපයේ පිහිටි චීන Taishan,  Kunlun යන විද්‍යාත්මක ගවේෂණ මධ්‍යස්ථානවල හා Grove කඳුකර ප්‍රදේශයට සංචාරය කරමින් අදාළ විද්‍යා ගවේෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. 

මෙවර ඇන්ටාක්ටික් විද්‍යාත්මක ගවේෂණය චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යංශය විසින් සංවිධානය කෙරේ. චීනය යාත්‍රා 3ක් භාවිත කරමින් ඇන්ටාක්ටික් විද්‍යාත්මක ගවේෂණ මෙහෙයුම ක්‍රියත්මක කරන පළමු අවස්ථාව ද මෙයයි. ඇන්ටාක්ටික්  කලාපයේ විද්‍යා ප්‍රමුඛ ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සහයෝගීතා පවත්වමින් ඒ ඒ රටවල් සමග සහයෝගීතා ඇරඹීම මෙවර විද්‍යා ගවේෂණයේ ප්‍රධාන අරමුණ වී ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම