නිවැරදි නායකත්වය තුළ ගෝලීය වශයෙන් මෙම වසරේ චීනය ඉටු කළ දායකත්වය ප්‍රශංසනීයයි- පර්යේෂක චින්තක පත්මේන්ද්‍ර මහතා
2023-12-18 09:47:17
Share with:

රටක දිශානතිය තීරණය වනුයේ එරට නායකත්වය මතයි. එනම් රටක බංකොළොත්භාවය හෝ සංවර්ධනය ඇති කිරීමට රටක නායකත්වය සෘජු බලපෑමක් සිදු කරයි. චීනය එයට මනා නිදසුනක් සපයයි. ගෙවුණු කාලය තුළ චීනයේ වේගවත් සංවර්ධනයට බලපෑ ප්‍රබලම සාධකය වූයේ එරට නායකත්වයයි. විශේෂයෙන්ම 2023 වර්ෂය පිළිබඳ සලකා බැලීමේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය, එතුමන්ගේ දැක්ම සහ ක්‍රියාමාර්ග චීනයේ ආර්ථික සහ සමාජීය දියුණුව ස්ථාපිත කිරීමෙහිලා ප්‍රමුඛතම සාධකය විය. විවිධ ගෝලීය අභියෝග හමුවේ වුව ද ජනතාවගේ හඬට සවන් දෙමින් උපක්‍රමශීලී ලෙස ඔහු කටයුතු කළේය. කොවිඩ් වසංගත ව්‍යාප්තිය අවසන් වීමත් සමග සමාජය යළි සාමාන්‍යකරණය කිරීමටත්, දේශීය සහ ජාත්‍යන්තර වැඩසටහන් සාර්ථකව සංවිධානය කරමින් මෙම වසර තුළ සමස්තයක් ලෙස සාර්ථකත්වයට පත් වීමටත් චීනය සමත් වූ බව චීනයේ සන්නිවේදන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරී පර්යේෂක චින්තක පත්මේන්ද්‍ර මහතා පවසයි.

ඩිජිටල්කරණ ක්‍රමවේදයන් වෙළඳ සහ පරිභෝජන කටයුතුවලට සක්‍රීය ලෙස යොදා ගැනීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම ද මෙම වසර තුළ දක්නට ලැබුණි. එමෙන්ම විදේශීය ප්‍රජාවට ද එම අන්තර්ජාල ප්‍රවේශයන් හරහා චීනය සමග වෙළඳාමට සම්බන්ධ විය හැකි පසුබිම සැකසිනි. විශේෂයෙන්ම ගෙවුණු වසරෙහි සන්ධිස්ථානගත අවස්ථාවක් වූයේ චීනයේ විදේශ ප්‍රතිපත්තියෙහි හැසිරීමයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සමග මෙන්ම ඇමරිකාව වැනි ප්‍රබල රටවල් සමග ද සහයෝගීතාව වර්ධනය කර ගැනීමට පසුගිය වසර තුළ චීනය සමත් විය.

ගෝලීය වශයෙන් යුදමය තත්ත්වයන් නිර්මාණය කිරීමට ඇතැම් ප්‍රබල රටවල් ප්‍රයත්න දරන විට චීනය එවැනි සියලු අවස්ථාවන්වලදී මිත්‍රත්වයේ පාලමක් ලෙස ක්‍රියා කළේය. යුදමය තත්ත්වයන් සහ විවිධ ව්‍යසනවලින් පීඩාවට පත් ගෝලීය ප්‍රජාව වෙනුවෙන් කඩිනම් සහන සේවා රැසක් මෙම වසර පුරාවටම චීනය දියත් කළේය. ගෝලීය වශයෙන් නිර්මාණය වීමට ඉඩ තිබූ දැවැන්ත යුද අර්බුදයක් පාලනය කරමින් සාමය ස්ථාපිත කිරීමට චීනය ලබා දුන් අඛණ්ඩ නායකත්වය සහ මැදිහත්වීම ගෝලීය වශයෙන් පැසසුමට ලක් විය යුතු බව ද චින්තක පත්මේන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම