මැඩගස්කර නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට චීනයෙන් විශේෂ නියෝජිතයෙක් සහභාගී වේ
2023-12-18 11:31:55
Share with:

මැඩගස්කර ජනරජයේ නව ජනාධිපති Andry Nirina Rajoelina මහතාගේ ආරාධනාවට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත සහ චීන මහජන දේශපාලන උපදේශක මණ්ඩලයේ ජාතික කමිටුවේ උප සභාපති Hu Chunhua මහතා සහභාගී විය. 

එහිදී ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් මැඩගස්කරයේ නව ජනාධිපති Andry Nirina Rajoelina මහතා වෙත පිරිනැමීය. චීන-මැඩගස්කර සබඳතා වර්ධනයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙන අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂාවෙන් සිටින බව ද Hu Chunhua මහතා එහිදී සඳහන් කළේය.‍ එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය  වශයෙන් සහයෝගය දැක්වීමට සහ විස්තීරණ හවුල්කාරිත්වය නව තලයකට ගෙන ඒමට ද චීනය කැමැත්තෙන් සිටී. 

සිය පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට විශේෂ නියෝජිතයෙකු සම්බන්ධ කරවීම පිළිබඳ Andry Nirina Rajoelina මහතා එහිදී චීන ජනාධිපතිවරයාට අවංක ස්තූතිය පළ කළේය. මැඩගස්කරය චීනය සමග පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කරන අතර ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් කෘෂිකර්මය, කර්මාන්ත, බලශක්ති සහ මානව සම්පත් වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද මැඩගස්කර‍ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම