2024 වසරේ චීනයට අභියෝගවලට වඩා වැඩි අවස්ථා හිමි කර ගැනීමේ අවස්ථාවන් පවතින බව අවධාරණය කෙරේ
2023-12-18 14:07:21
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිසම 2023 වසරේ මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුව පිළිබඳ පහදා දෙයි.

චීන මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුව පසුගිය දා ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හිදී පැවැත්විණ. එහිදී 2023 වසරේ රටේ ආර්ථික කටයුතු සම්පිණ්ඩනය කෙරුණු අතර ලබන වසරේ ආර්ථික කටයුතු ද සැලසුම් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිසම චීනයේ ප්‍රධාන මාධ්‍ය ආයතන පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමුළුවේ තොරතුරු විස්තර කර ඇත.

මේ වසරේ චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක පූර්ණ වශයෙන් සාක්ෂාත් කිරීමට හැකි වනු ඇතැයි එහිදී ප්‍රකාශ විය. මෙම වසරේ චීනයේ ආර්ථික ශක්තිය වඩාත් ඉහළ තලයකට ළඟා වී ඇත. චීනය ගෝලීය ආර්ථික වර්ධනයේ විශාලම එන්ජිම වන අතර ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් තුනෙන් එකක දායකත්වයක් සපයයි. එමෙන් ම රටේ රැකියා නියුක්තිය, භාණ්ඩ මිළ සහ ජාත්‍යන්තර ගෙවීම් ශේෂය සමබර තත්ත්වයක පවතී. ඉහළ ගුණයෙන් යුත් සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතී.

2024 වසරේ චීනයට අභියෝගවලට වඩා වැඩි අවස්ථා හිමි කර ගැනීමේ හැකියාව පවතින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිසම පවසයි.ඒ සඳහා මධ්‍යම රජය සක්‍රීය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල අනුකූලතාව වැඩි කරනු ඇත. රජය ආර්ථිකය ස්ථාවර ව පවත්වා ගෙන යාමෙන් ආර්ථික වර්ධනය අත්කර ගැනීමටත්, එම ආර්ථික වර්ධනයෙන් රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර කිරීමටත්, අපේක්ෂා කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිසම වැඩිදුරටත් කියා සිටී.‍‍

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම