එක්සත් ජනපදය සිරියාවෙන් "සොරකම් කරන ලද තෙල් සහ ධාන්‍ය" රැගත් රථ පෙළක් ඉරාකයේ කඳවුරු වෙත ප්‍රවාහනය කරයි
2023-12-18 11:36:45
Share with:


සිරියාවෙන් තෙල් රැගත් ටැංකි 40 කින් යුත් රථ පෙළක් ඊයේ(17) සිරියාවේ ඊසානදිග අල්-හසාකා පළාතෙන් එක්සත් ජනපදයට පක්ෂපාතී අසල්වැසි ඉරාකයේ කඳවුරු වෙත පිටත්ව යන අයුරු දුටු බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන SANA වාර්තා කර ඇත.

එම වාර්තාව උපුටා දක්වන ලද මූලාශ්‍රවලට අනුව, රථ පෙළ ඉරාක-සිරියානු දේශසීමාවේ Yarubiya ප්‍රදේශයෙන් අනවසර Mahmoudiya හරස් මාර්ගය ඔස්සේ පිටව ගොස් තිබේ. pilfered තෙල් ප්‍රවාහනය කරන ටැංකි සමඟ,තිරිඟු සහ බාර්ලි ඇතුළු ධාන්‍ය පටවාගත් ට්‍රක් රථ 55 ක්, මෙලෙස පිටත් වූ බව එම වාර්තාව සනාථ කර ඇත.

මෙය "සිරියානු ජාතික සම්පත් ක්ෂය කිරීමට සහ සූරාකෑමට දරන ලද එක්සත් ජනපදයේ ක්‍රමානුකූල උත්සාහයන්" බවට SANA පුවත් ඒජන්සිය චෝදනා කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම