නේටෝ රටවල් සමග යුද්ධයකට යාමට කිසිදු අදහසක් නොමැති බවට රුසියා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්
2023-12-18 10:47:02
Share with:

නේටෝ රටවල් සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු අදහසක් නොමැති නමුත් නේටෝව හිතාමතා ගැටලු නිර්මාණය කර ඇති බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. හෙතෙම ඒ බව කියාසිටියේ ඊයේ(17) රුසියානු රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

නේටෝව සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු හේතුවක් නොමැති බවත්, භූ දේශපාලනික අවශ්‍යතා, ආර්ථික හෝ මිලිටරි අවශ්‍යතා පිළිබඳ සලකා බැලූ විට යුද්ධයකට යාම රුසියාවට වාසිදායක නොවන බවත්,  Putin මහතා ප්‍රකාශ කළේය. නේටෝව සමග පවතින සබඳතා පළුදු කර ගැනීමට රුසියාව අපේක්ෂා නොකරන අතර නේටෝ රටවල් සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම ප්‍රකාශ කර ඇත. නමුත් නේටෝව රුසියාව තරඟකරුවෙකු බවට පත් කර ගත් බැවින් නේටෝව  හිතාමතා ගැටළු නිර්මාණය කරමින් සිටින බව Putin මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම