චීන ජනාධිපතිවරයා හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපවල ප්‍රධාන විධායක නිලධාරීන් හමුවෙයි
2023-12-18 19:29:41
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ‍Lee Ka Chiu මහතා හමුවෙයි. රාජකාරීමය සංචාරයක් සඳහා හෙතෙම බෙයිජිං නුවරට පැමිණියේය. ෂී ජින්පිං මහතා එම හමුවේදී ඉදිරිපත් කළ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ වත්මන් තත්ත්වය හා එම පරිපාලන රජයේ කාර්ය වාර්තාවට සවන් දුන්නේය.

ගෙවී ගිය වසර තුළ Lee Ka Chiu ප්‍රධාන විධායක නිලධාරියාගේ නායකත්වය යටතේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය රටේ සුරක්ෂිතතාව ස්ථීරව ආරක්ෂා කොට වසංගතයෙන් පසුව හොංකොංහි සම්පූර්ණ පුනර්ජීවනය සාක්ෂාත් කිරීමට සමත්ව ඇතැයි ෂී ජින් පිං මහතා Lee Ka Chiu  හමු වූ අවස්ථාවේදී පැවසීය. මධ්‍යම රජය ප්‍රධාන විධායක Lee Ka Chiu සහ විශේෂ පරිපාලන කලාප රජයේ කාර්යයන් ප්‍රසංසාවට  ලක් කරන බවද හෙතෙම කීය.

චීන මධ්‍යම රජය "එක් රටක් ක්‍රම දෙකක්"යන මූලික ප්‍රතිපත්තිය විස්තීරණ, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කරමින්, හොංකොංහි වඩා යහපත් වර්ධනයක් සාක්ෂාත් කිරීම සඳහා ප්‍රධාන විධායක නිළධාරිවරයා සහ හොංකොංහි රජයේ නායකත්වය යටතේ කලාපයේ විවිධ පාර්ශ්වයන් සමග උත්සාහ දැරීමට මුළු ශක්තියෙන් අනුබල දෙන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර  මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී හෝ ලට් සෙන්ග් මහතා ද ‍‍‍‍බෙයිජිං නුවරට පැමිණ ජනාධිපතිවරයා හමුවිය. ෂී ජින්පිං මහතා  එම හමුවේදී හෝ ලට් සෙන්ග් මහතා ඉදිරිපත් කළ මැකෟ විශේෂ පරිපාලන කලාපයේ කලාපයේ වත්මන් තත්ත්වය හා එම පරිපාලන රජයේ කාර්ය වාර්තාවට සවන් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය වසර පුරා හෝ ලට් සෙන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මැකෞ විශේෂ පරිපාලන කලාප රජය උත්සාහවන්ත අයුරින් සිය කාර්යයන් ඉටු කළ බවත් මැකෞහි ජාතික ආරක්ෂක නීතිය සංශෝධනය කිරීම සාර්ථක ලෙස සම්පූර්ණ කළ බවත් ය. එසේම බාහිර හුවමාරු කිරීම් සහ සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කිරීම මගින් මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වී ඇති අතර එහි සමාජයීය සමගිය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප්‍රධාන විධායක නිලධාරි හෝ ලට් සෙන්ග් මහතා සහ මැ‍කෞ විශේෂ පරිපාලන කලාපයේ කාර්යයන් පැසසුමට ලක් කරන බව ෂී ජින් පිං මහතා පැවසීය.

චීන මධ්‍යම රජය පෙර මෙන්ම පූර්ණ ලෙස ‘එක් රටක් ක්‍රම දෙකක්’යන ස්ථිර ප්‍රතිපත්තිය අනුගමනය කරයි. ප්‍රධාන විධායක නිලධාරීයාට හා මැකෞ විශේෂ පරිපාලන කලාප රජයට  විවිධ ක්ෂේත්‍රවලට නායකත්වය ලබා දීමට ද මධ්‍යම රජය උපරිම වශයෙන් සහාය දක්වමින් එහි නව සංවර්ධන ප්‍රගමනයෙන් චීනයට නැවත එක්වීමේ 25වැනි සංවත්සරය මනාව පිළිගැනීමට මැකෞ විශේෂ පරිපාලන කලාපයට හැකි වනු ඇති බවට ෂී ජින්පිං මහතා එහිදී අපේක්ෂා පළ කළේ ය.

එම හමුවීම් අද(18) සිදු විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම