මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පිළිබඳව ආරක්ෂක හමුදාවට ඇති වගකීම කිසිවෙකුට සීමා කළ නොහැකි බව ජනපති කියයි
2023-12-17 17:02:51
Share with:

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත්, ඊට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ,  දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන් විසිර යාමේ උළෙලට ඊයේ (16) පෙරවරුවේ එක්වෙමිනි.

යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමා අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

ජනතා පරමාධිපත්‍යය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම, වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද හෙතෙම පැවසීය.

රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමේ වගකීම ද රටේ සියලුම පාර්ශ්වයන්ට පැවරෙයි. ආර්ථිකය කඩා වැටුණු විට රටේ ස්වෛරීභාවය සීමා වනු ඇත. මේ නිසා, ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් යන දෙකම කේන්ද්‍ර කරගනිමින් සැවොම  ක්‍රියා කළයුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම