‘යුක්තිය’ මෙහෙයුම ඇරඹේ
2023-12-17 16:42:34
Share with:

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම  ඇරඹේ. අද (17) අලුයම ආරම්භ වූ එය සමස්ත දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙනු ඇති.

සැඟව සිටි වරෙන්තුකරුවන් මෙන්ම සැකකරුවන් 30 කට අධික පිරිසක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මත්ද්‍රව්‍ය සහ ආයුධ ද සොයාගනු ලැබීය. දිවයිනේ පොලිස් කොට්ඨාස 45 කදී ලබන 23 වැනිදා දක්වා සතියක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ 1000 කට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටිති.

කොලොන්නාව, වැල්ලම්පිටිය ආශ්‍රිතව පැවති ආරම්භක අදියර නිරීක්ෂණය සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද පැමිණ සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම