කුවේට් එමීර්වරයාගේ අභාවය පිළිබඳව චීන ජනපතිගේ සංවේගය පළ වේ
2023-12-17 17:13:21
Share with:

 කුවේට් නායක Sheikh Nawaf Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශෝක පණිවිඩයක් යොමුකරයි. 

Sheikh Nawaf Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයාගේ අභාවය පිළිබඳව චීන රජයේ, චීන ජනතාවගේ මෙන්ම පෞද්ගලිකව තමාගේ දැඩි සංවේගය පළ කරන බව ජනාධිපතිවරයා කියාසිටී. මේ අවස්ථාවේ එමීර්වරයාගේ පවුලේ ඥාතීන් හා කුවේට් ජනතාවට තම අවංක ශෝකය පළ කරන බව ද ෂී ජින් පිං මහතා පවසයි.

Sheikh Nawaf Al-Ahmad Al-Jaber Al-Sabah එමීර්වරයා චීන-කුවේට් සබඳතා සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබා දුන් නායකයෙකි. ඔහු‍ගේ අභාවය කුවේට් ජනතාවට දැඩි පාඩුවක් වන අතර ඉන් චීන ජනතාවටත් හොඳ මිතුරෙකු අහිමි විය. චීන රජය හා චීන ජනතාව කුවේට් දේශය සමග මිත්‍රත්වය බෙහෙවින් අගය කරයි. දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ චීන-කුවේට් උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව තහවුරු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම