මිෂාල් කුමරු කුවේටයේ නව එමීර්වරයා බවට පත්වෙයි
2023-12-17 15:32:58
Share with:

කුවේටයේ ඔටුන්න හිමි Sheikh Mishal Al-Ahmad Al-Jaber Al-Sabah කුමරු එරට නව එමීර්වරයා ලෙස නම් කෙරේ.

 කුවේට් කැබිනට් මණ්ඩලය ඊයේ (16)  මේ බව ප්‍රකාශයට පත් කළේය.

 ඒ කුවේටයේ හිටපු එමීර්වරයා වන Sheikh Nawaf Al-Ahmad Al-Jaber Al-Sabah ගේ අභාවයෙන් පසුව යි. 86 හැවිරිදි ඔහු අභාවයට පත් 16 වැනිදා ම  මිෂාල් කුමරු සිංහාසනාරූඪ කෙරිණ.

 කුවේටයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ කැබිනට් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Issa Al-Kandari නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,  කැබිනට් ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ නීති ප්‍රකාර ව සිදුකළ බවයි.

 කුවේටයේ 16 වැනි එමීර්වරයා වූ එමීර් නවාෆ්ගේ අභාවය හේතුවෙන්  දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරන බව ද නියෝජ්‍ය අගමැතිවරයා නිවේදනය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම